Home » » වින්ඩොස් 7 වන් හරහා සිඩී හෝ ඩිවිඩි රයිට් කරන හැටි

වින්ඩොස් 7 වන් හරහා සිඩී හෝ ඩිවිඩි රයිට් කරන හැටි

Written By SL Beat on Monday, April 6, 2015 | April 06, 2015




වින්ඩොස් 7 වන් හරහා සිඩී හෝ ඩිවිඩි රයිට් කරන හැටි

කරලා බලලා කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ වැඩේ හොඳයි කියලා හිතෙනවනම්......


වින්ඩොස් 7 පාවිච්චි කරන යාළුවන්ට සිඩී ඩිවීඩි රයිට් කරන්ඩ වෙන සොෆ්ට්වෙයාර්ස් ඕනෙ වෙන්නේ නෑ මොකද කියනවනම් වින්ඩොස් සෙවන් වල ඒ සදහා සුදුසු  යුයිලිටියක් ලබාදෙන නිසා.

අපි වැඩේ දැන් පටන් ගම්මු. මුලින් ම රයිට් කරන්ඩ ඕනෙ කරන ෆයිල් එක හරි ෆයිල් කිහිපය හරි තෝරල නැත්තම් සිලෙක්ට් කරල ඒ ෆයිල් මත රයිට් ක්ලික් කරන්ඩ ඊට පස්සේ ලැබෙන මෙනු එකේ Send To යන්න තෝරන්ඩ. දැන් ලැබෙන මෙනු එකේ යටම තියෙන සීඩි හෝ ඩීවිඩි දාවකය තෝරන්ඩ. 

එය තේරෑ විට Burn a Disc නම් ඩයලොක් බොක්ස් එක විවෘත වෙයි. ඒ තුළ ඇති Disc Title කියන තැනට ඔයාල සීඩි හෝ ඩීවිඩි එකට දෙන්ඩ හිතන් ඉන්න නම ඇතුලත් කරන්ඩ. ඊට යටින් තියෙන ඔප්ෂන් බටන් දෙකෙන්  With a CD/DVD player තෝරන්න. ඊට පස්සෙ Next බට්න් එක ක්ලික් කරන්ඩ. ඔයාල  Next බට්න් එක ක්ලික් කරාට පස්සෙ ඔයා සිලෙක්ට් කරපු ෆයිල් තාවකාලිකව තැටිය මතට පිටපත් වීම ආරම්භ වෙනවා.මෙය අවසානයේ නොටිෂිකේෂන් ඒරියා එකේ  You have files waiting to burned to disc  යන පනිවිඩය පෙන්වයි.
දැන් My Computer විවෘත කරලා එයින් සිඩී හෝ ඩීවීඩි දාවකය තෝරා විවෘත කරගන්න. සිඩී හෝ ඩීවීඩි දාවකය විවෘත වු පසු කළින් තේරෑ ෆයිල්ස්  ඒ තුළ දැක ගත හික. දැන් ඔය විවෘත කරගත් වින්ඩෝවේ ටූල් බාර් එ‍කේ ඇති Burn to disc නම් බට්න් එක ක්ලික් කරන්න.එවිට විවෘත වන්නෙ  Burn to disc නම් ඩයලොග් බොක්ස් එකයි. කලින් ඩිස්ක් එකට නමක් දුන්නෙ නැති නම් මෙහි සදහන් Disc Title වලින් නමක් ලබාදිය හැක. ඉන් පසු Recording Speed මගින් සිඩී හෝ ඩිවීඩි තැටිය රයිට් කරන වේගය තෝරන්න අඩුවේගයක් ලබාදුන්නොක් පැරනි සිඩී හෝ ඩිවීඩි දාවකයක වුවද මෙය දාවනය කරහැක....

0 comments:

Post a Comment

Recent

Learn

yX Media - Monetize your website traffic with us
Powered by Blogger.

Popular Posts

Blogger news

SL Beat-?? ?ෙ?ු?ෙ?් ?ැ??ු ??ි??? ???ා?? ?ේ???ි. ??? ??ි ??ි??? ?ැ??ු ???ෙ? ???්?..Like ???්? ???ේ facebook ?ි?ු??. Like us on facebook


Search This Blog

Sinhala and tamil kit free

Youtube